- Details
"උදළු සවිය" ගෙවතු වගා වැඩසටහන - වනාතවිල්ලුව (15.08.2022)
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම ඇතිව, කොට්ඨාසයේ ආහාර සුරක්ෂිතතාවා ප්රවර්ර්ධනය කිරීමේ අරමුණින් ක්රියාත්මක "උදළු සවිය" ගෙවතු වගා වැඩසටහන යටතේ ගෙවතු වගා සියයක් සඳහා අවශ්ය පැළ, බීජ වර්ග සහ කාබනික පොහොර බෙදා දීම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පසුගියදා සිදුකෙරිණි. මෙහිදී, ගෙවතු වගා කරුවන්ට අවශ්ය තාක්ෂණික දැනුම සහ පුහුණුව වනාතවිල්ලුව ගොවිජන සේවා මධ්යස්ථානය මඟින් සැපයෙන අතර වැඩසටහන වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලය, රම්ය ලංකා ආයතනය සහ ජාතික සාම මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.
Read more: "උදළු සවිය" ගෙවතු වගා වැඩසටහන - වනාතවිල්ලුව (15.08.2022)
- Details
නොමිලේ අක්ෂි කඳවුර - වනාතවිල්ලුව (16.08.2022)
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම ඇතිව, කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් නොමිලේ අක්ෂි සායන මාලවක් වනාතවිල්ලුව පොළ භූමියේ දී සහ කරතිව් උතුර සේවා පියසේ දී පසුගියදා පැවැත්විණ. මෙම සායන සඳහා 165 දෙනෙකු සහභාගී වූ අතර ඉන් 125 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම සිදු කෙරිණි. තවද හඳුනාගත් අක්ෂි රෝග වලින් පෙළෙන පිරිස් ඉදිරි ප්රථිකාර සඳහා යොමු කෙරිණි. අක්ෂි සායනය වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සංවිධානය කර තිබූ අතර සෙරන්ඩිප් ලංකා පදනම අනුග්රහය ලබා දී තිබුණි. සායනය සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ සභාපතිතුමන්ට විශේෂ ස්තුතියක් හිමිවේ.

















