- Details
50CC ට අඩු යතුරු පැදි (මෝපෙඩි) ලියාපදිංචි කිරීම - වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
රැගෙන ආයුතු දේ
- සම්පූර්ණ කරන ලද අයදුම්පත (MTA 2 පෝරමය)
- ජාතික හැඳුනුම්පත
- අයදුම්කරුගේ ඡායාරූප 02ක් (ග්රාම නිලධාරි / සමාදාන විනිසුරු සහතික කළ)
- යතුරුපැදියේ පැති පෙනුම හා ඉදිරි පෙනුම දිස්වන අයුරින් චැසි අංකය හා එන්ජින් අංකය සහිත ඡායාරූප 02 ක්
- ආනයන ලියකියවිලි
- මිළදී ගැනීමේ කුවිතාන්සිය
- ලියාපදිංචි කිරීමේ ගාස්තුව
2010 අගෝස්තු මස 31 දිනට පෙර මිලදී ගත් 50cc අඩු යතුරු පැදි සඳහා ආනයනික ලියකියවිලි සහ මිලදී ගැනීමේ කුවිතාන්සිය වෙනුවට පහත ලියකියවිලි ඉදිරිපත් කළ හැක.
- යතුරුපැදිය කෙදිනක සිට අයදුම්කරු සතුව පවතින්නේද යන වග ප්රකාශිත දිවුරුම් ප්රකාශයක්.
- (යතුරු පැදිය කිසිදු බැඳුම්කරයකට යටත් නොවන බවට, යතුරු පැදිය පිළිබඳ සියලු වගකීම් අයිතිකරු විසින් භාරගන්නා බවත් එහි අඩංගු විය යුතුය).
- යතුරුපැදිය තමා සන්තකයේ පවතින බවට ප්රදේශයේ ග්රාම නිලධාරී ගෙන් ලබා ගත් සහතිකයක්.
- ලියාපදිංචි කිරීමට ප්රථම යතුරුපැදියේ චැසි අංකය හා එන්ජින් අංකය නිවැරැදි බවට මෝටර් රථ පරීක්ෂකවරයෙකු මඟින් MTA 2 අයදුම්පත සහතික කළ යුතුය.
ප්රාදේශීය ලේකම්
වනාතවිල්ලුව
2022.08.30

Read more: 50CC ට අඩු යතුරු පැදි (මෝපෙඩි) ලියාපදිංචි කිරීම - වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- Details
කිරි ගව පාලන ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - වනාතවිල්ලුව
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම ඇතිව, වනාතවිල්ලුව ප්රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්රියාත්මක ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ, කිරි ගව පාලනය පිළිබඳ එක්දින වැඩමුළුවක් පසුගියදා වනාතවිල්ලුව ප්රාදේශීය සභා රංග ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
මේ සඳහා කිරි ගව පාලනයේ නියැලීමට බලාපොරොත්තුවන පවුල් 120 ක පමණ අය සහභාගි වූ අතර ඔවුන්ට 6% සහනදායි පොලී අනුපාතයක් යටතේ රු. 100,000 සිට 2,000,000 දක්වා ණය ලබා ගැනීමේ පහසුකම් ඇත. වැඩසටහන ශ්රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ සිදුවන අතර පුත්තලම ප්රාදේශීය සංවර්ධන බැංකුව විසින් (RDB) අවශ්ය මූල්ය පහසුකම් සපයයි.
මෙම වැඩසටහන වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය, ශ්රී ලංකා මහ බැංකුව, පුත්තලම ප්රාදේශීය සංවර්ධන බැංකුව සහ SAPP ආයතනය එක්ව සංවිධානය කරන අතර මෑත කාලයේ වනාතවිල්ලුව සමෘද්ධි අංශය විසින් සංවිධානය කරන ලද තුන්වැනි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන වේ.
Read more: කිරි ගව පාලන ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - වනාතවිල්ලුව

















