- Details
"ඉෆ්තාර්" වැඩසටහන - 20.04.2022
අද (20) වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ ප්රධානත්වයෙන් කාර්යායේ දී "ඉෆ්තාර්" වැඩසටහනක් පැවැත්විණි. ලොව පුරා වසන සියලු මුස්ලිම් ජනතාව ඉස්ලාමීය දින දර්ශනයට අනුව යෙදෙන රාමසාන් මාසය තුළ දින 30ක කාලයක් නිරාහාරව උපවාසයේ යෙදෙති. "ඉෆ්තාර්" යනු දිනපතා උපවාසය නිමාකරමින් සවසට ආහාර ගැනීමයි. මෙම වැඩසටහන කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.
- Details
වනාතවිල්ලුව - ආණමඩුව වැඩිහිටි හුවමරු වැඩසටහන 23.03.2022
දිස්ත්රික්කයේ වැඩිහිටියන් අතර සුහදතාවය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදී විවිධ සංස්කෘතික වැඩසටහන් වලට යොමු කිරීමේ අරමුණින් යුතුව, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සහ වනාතවිල්ලුව වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ආණමඩුව වැඩිහිටි බලමණ්ඩලය සමඟ හුවමරු වැඩසටහන වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ ප්රධානත්වයෙන් අද දින (23) වනාතවිල්ලුව ප්රාදේශීය සභා රංග ශලාවේ දී පැවැත්විණි. අනතුරුව, ආණමඩුව වැඩිහිටි පිරිස "Insee" සිමෙන්ති සමාගමේ එළුවන්කුලම අරුවක්කරු වැඩබිම නැරඹීමේ චාරිකාවකට ද එක්විය. මෙම අවස්ථාව සඳහා ආණමඩුව සහකාර සැලසුම අධ්යක්ෂ දිලීප සුදර්ශන අතපත්තු මහතා, ආණමඩුව සමාජ සේවා නිලධාරි ජානක සම්පත් අධිකාරී මහතා ඇතුළු ආණමඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද වනාතවිල්ලුව සමාජ සේවා නිලධාරි (වැ.බ) අසේල ජයවර්ධන මහතා, රොෂාන් දිසානායක මහතා, නස්ෆාන් ගෆෝර් මහතා ඇතුළු වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී පිරිසක් ද සහභාගී වූහ. වැඩසටහන සඳහා ප්රාදේශීය සභා රංග ශලාව ලබා දීම වෙනුවෙන් සභාපති සමන්ත මුණසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් හිමිවේ
Read more: වනාතවිල්ලුව - ආණමඩුව වැඩිහිටි හුවමරු වැඩසටහන 23.03.2022

















