ක්රියාකාරී සංවර්ධන ව්යාපෘතිවල ප්‍රගතිය පරීක්ෂා කිරීම - 20.03.2022

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරතිව් උතුර සහ දකුණ, සේරක්කුලිය, මංගලපුර, රාල්මඩුව සහ අළුත් එළුවන්කුලම ග්‍රාම නිලධාරි වසම් වල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය අද දින (20) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් වනාතවිල්ලුව මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය. එමෙන්ම රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ ජීවත්වන අනාරක්ෂිත දරුවන් සිටිනා පවුලකට රැකවරණය ලබා දීමට අවශ්‍ය කටයුතු පිළිබඳ සොයාබැලීමක් ද සිදුවිය.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ නිලවරණය - 2022

2022 වනාතවිල්ලුව යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩල නිලවරණය අද දින (17) පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මැතිතුමන්ගේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ , තරුණ කටයුතු ගරු අමාත්‍යතුමාගේ පුත්තලම දිස්ත්‍රික් තරුණ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සුදීර රාජපක්ෂ මහතාගේ සහ පුත්තලම දිස්ත්‍රික් තරුණ සේවා සහකාර අධ්‍යක්ෂ රෝහිණී හේමමාලා මෙනවිය ගේ ප්‍රධානත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණි. 2022 වර්ෂය සඳහා තේරීපත්වූ නව නිලධාරී මණ්ඩලයට අපගේ උණුසුම් සුබ පැතුම්! යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය වනාතවිල්ලුව.

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top