- Details
පිරිත් දේශනා - 11.03.2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජනතාවට සහ සියලු ලෝකවාසීන්ට සෙත් පැතීමට සහ වර්තමානයේ පවතින රෝග පීඩා දුරු වීමට ආශිර්වාද පතා ඊයේ දින (11) වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ ප්රධානත්වයෙන් කාර්යාලය තුළ දී පිරිත් දේශනාවක් පැවැත්විණි. අනතුරුව, අද (12) ගරුතර මහා සංඝරත්නය වෙත උදෑසන දානය පිළිගැන්වීම සිදු කෙරිණි.
- Details
වයඹ නිපුණතා උදානය - 2022
ඉහත වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 අපොස සාපෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් පාසල් අධ්යාපනයෙන් පසු, කාර්මික වෘත්තීය පුහුණුවෙන් රැකියාවකට යන මඟ කියාදෙන වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ මඟ පෙන්වීම ඇතිව පසුගියදා විජයපුර විදුහලේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන් මාලාව වනාතවිල්ලුව නිපුණතා සංවර්ධන නිලධාරී එම්.කේ.එම්. රියාස් මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.

















