- Details
අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහන 2022.
අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි සමාරම්භක උත්සව පැවැත්වීම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව අද දින (03) පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ප්රාදේශීය සභා සභාපතිතුමන්, ප්රාදේශීය සභා මන්ත්රී වරුන් ඇතුළු රාජ්ය නිලධාරින් පිරිසක් සහභාගී විය.
Read more: අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහන 2022
- Details
නිදහස් කුසලාන අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්රිකට් තරඟාවලිය - 2022

පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුත්තලම දිස්ත්රික් ප්රාදේශීය ලේකම් කර්යාල අතර පැවැත්වූ නිදහස් කුසලාන අභියෝග ශූරතා ක්රිකට් තරගාවලියේ අනුශූරතාවය ජයග්රහණය කළ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල ක්රිකට් කණ්ඩායමට,එම තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාට සහ අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය හිමිකරගත් බහුකාර්ය සංවර්ධන සහායක ඩබ්ලිව්. සුරේෂ් මධුෂංක මහතාට, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ✨️✨️✨️
Read more: නිදහස් කුසලාන අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්රිකට් තරඟාවලිය - 2022


















