වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපති පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ.එම් ෆයිසාල් මැතිතුමා,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතා, ඇතුළු රාජ්‍ය නිළධාරීන් ගේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගිය දින (30) පෙරවරුවේ පැවැත්විණි.වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපති පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ.එම් ෆයිසාල් මැතිතුමා,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතා, ඇතුළු රාජ්‍ය නිළධාරීන් ගේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගිය දින (2025.07.30) පෙරවරුවේ පැවැත්විණි.වඩා යහපත් ජීවන තත්වයක් ඇති කිරීම සඳහා ග්‍රාමීය ප්‍රජාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම, සමාජ සංවර්ධනය මගින් සමාජ ගැටළු අවම කිරීම ඇතුළු අරමුණු රැසක් ඇතිව ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ  වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් වල ග්‍රාමීය සංවර්ධන සැලැස්ම (VDP) කමිටුව වෙත ඉදිරිපත් කරන ලද අතර එහි සිදුවිය යුතු සංශෝධන සිදු කෙරිණි. තවද, පෙර සංවර්ධන කමිටු රැස්වීමේ ගත් තීරණ වල ප්‍රගතිය සමාලෝචනය, කොට්ඨාසයේ ජීවත්වන ජනතාව මුණුණ දෙන ආර්ථික, සමාජීය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි කාර්මික, ප්‍රවාහන, ධීවර ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක ගැටළු විසදීමට අදාල තීරන ගැනීම සිදු කෙරිණි.

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විජයපුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී සිදුකළ අයුරු.වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විජයපුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී සිදුකළ අයුරු.

සෞඛ්‍ය කඳවුර සහ වෛද්‍ය ප්‍රදර්ශනය - 2025 වනාතවිල්ලුව ???

සෞඛ්‍යමත් ලාංකීය ජන සමාජයක් සහ නැණ නුවණින් සපිරි අනාගත පරපුරක් බිහිකිරීම අරමුණ කර ගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයීය රාගම වෛද්‍ය පීඨය විසින් වනාතවිල්ලුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය කඳවුර සහ වෛද්‍ය ප්‍රදර්ශනය පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 22 වන දින වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ දී දිනය පුරා සාර්ථකව පැවැත් විණි.මෙම සෞඛ්‍ය කඳවුර සඳහා 3000 කට අධික පිරිසක් සහභාගි වූ අතර වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රදේශයේ  සියලුම පාසල් සිසු සිසුවියන් හා මහජනතාව විශාල ප්‍රමාණයක් සහභාගි වූහ

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපති පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ.එම් ෆයිසාල් මැතිතුමා,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතා, ඇතුළු රාජ්‍ය නිළධාරීන් ගේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (2025.06.27) පෙරවරුවේ පැවැත්විණි..එහිදී පෙර සංවර්ධන කමිටු රැස්වීමේ ගත් තීරණ වල ප්‍රගතිය සමාලෝචනය, කොට්ඨාසයේ ජීවත්වන ජනතාව මුණුණ දෙන ආර්ථික, සමාජීය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි කාර්මික, ප්‍රවාහන ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක ගැටළු විසදීමට අදාල තීරන ගැනීම සිදු කෙරිණි.

ජගත් පරිසර දින?

ජුනි මස 05 වන දිනට යෙදී තිබූ ජගත් පරිසර දිනට සමගාමීව පවත්වනු ලැබූ වනාතවිල්ලුව ජගත් පරිසර දින සැමරුම පසුගිය ජුනි 13 වන දින වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එළුවන්කුලම කලා ඔය ආශ්‍රිත ප්‍රදේශයේ දී සිදුකෙරුණි.මෙහිදී එළුවන්කුලම මුස්ලිම් විදුහලේ සිසුන් වෙනුවෙන් පරිසරයේ වැදගත් කම පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළ අතර එම සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් කලා ඔය ඉවුර පිරිසිදු කිරීමක් සිදු කරනු ලැබිණි.වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් සහයෝගය වෙනුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ලේකම්තුමන්ට හා කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් හිමිවේ. කලා ඔය පාරිසරික සංවේදී සුන්දර පරිසර පද්ධතිය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම ඔබගේත් අපගේත් යුතුකමකි!

உட்பிரிவுகள்

News & Events

25
செப்2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
செப்2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top