"A Sweet Call to Youth" - Cricket Tournament 2023

 

The cricket tournament held in conjunction with the national program "A Sweet Call to Youth" and the World No Tobacco Day and with the aim of developing goodwill between Samurdhi community organizations was successfully concluded at Wanathavilluwa Public Stadium recently under the Patronage of Wanathavilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena, Assistant Divisional Secretary Mr. Karan Rp, and the Samrudhi Headquarters Manager and Bank Managers. The championship was won by Wattakandal community organization and the runner-up was by Mangalapura community organization.

#යුතුකම

#Admin #DS_Wanathavilluwa #Official

ලෝක ළමා දින සැමරුම 2022 - වනාතවිල්ලුව (2022.09.30)

"සිහින දකින අපේ ලොවක්" යන තේමාව යටතේ 2022 වනාතවිල්ලුව ලෝක ළමා දින සැමරුම එළුවන්කුලම කලා ඔය ආශ්‍රිත ප්‍රදේශයේ දී, පසුගියදා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරුවන් 200කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර රුක් රෝපණ වැඩසටහනක්, කලා ඔය ඉවුර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, නායකත්ව හා ආපදා කළමනාකරණ පිළිබඳ වැඩමුළුවකින් හා සත්ව චර්යාරටා හා අවට පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකින් සමන්විත විය. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන් Insee සිමෙන්ති ආයතනයට නායකත්ව හා ආපදා කළමනාකරණ වැඩමුළුව පැවැත්වූ ගඟේවාඩිය නාවික හමුදා කඳවුරට, සත්ව චර්යාරටා හා අවට පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වූ වනජීවී දෙපාර්තමේන්තුවට, දරුවන් සහභාගි කරවූ සියලු විදුහල් වල විදුහල්පති වරුන්ට, ප්‍රථමාධාර සැපයූ වනාතවිල්ලුව රෝහලට, වනාතවිල්ලුව පොලීසියට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට සහ සහයෝගය ලබා දුන් සියලු නිලධාරීන්ට විශේෂ ස්තුතියක් හිමිවේ. වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත වනිතා සංවර්ධන නිලධාරි තුමිය විසින් සංවිධානය සහ අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන ලදී.

දැන්වීමයි

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 වර්ෂයට ඉඩම් බලපත්ර ලබාදීම සඳහා වන ඉඩම් කච්චේරි පැවැත්වීම 2022.09.20 දින සිට 2022.10.10. වන දින දක්වා සිදුකරන බැවින්, ප්‍රාදේශීය ලේකම් සහ ඉඩම් අංශයේ නිලධාරීන් හමුවීම සඳහා සඳුදා දිනය පමණක් යොදාගන්නා ලෙස කාරුණික දන්වමි.

ප්‍රාදේශීය ලේකම් - වනාතවිල්ලුව

සබන්, සබන් කුඩු සහ අත් සෝදන දියර (Hand Wash) නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන - 2022.09.21

සබන්, සබන් කුඩු සහ අත් සෝදන දියර (Hand Wash) නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ හා පුත්තලම දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සාර්ථකව නිමා කෙරිණි. මෙම පුහුණු වැඩසටහන සඳහා 65 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා නිලධාරි විසින් සම්පත්දායකත්වය ලබා දෙනු ලැබිණි. වැඩසටහන පුත්තලම දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ මඟපෙන්වීම මත වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි විසින් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් හඳුනා ගැනීම - 2022

ඔබ, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී සහ මහජනාධාර ඇතුළු කුමන හෝ සුබ සාධක ප්‍රතිලාභ ක්‍රමයක් යටතේ දැනටමත් ප්‍රතිලාභ ලබන්නේනම් හෝ ලැබිය යුතු තැනැත්තෙක් යැයි ඔබ සිතන්නේනම්, පහත සඳහන් ආකෘතියට අනුකූලව පිළියෙල කළ අයදුම්පතක්, ඔබ ස්ථිරව පදිංචි ප්‍රදේශයේ අදාල ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, සමාජසේවා නිලධාරි, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි විසින් කරනු ලබන සහතික කිරීමක් සහිතව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත 2022 සැප්තැම්බර් 30 ට පෙර ඉදිරිපත් කරන්න.

உட்பிரிவுகள்

News & Events

25
செப்2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
செப்2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top