- விவரங்கள்
වනාතවිල්ලුව දහම් පාසල් ශ්රේණි විභාගය සාර්ථකව අවසන්!
වනාතවිල්ලුව දහම් පාසල් ශ්රේණි විභාගය සාර්ථකව අවසන්!සදාචාර සමාජයක්,නැණ ගුණ සපිරි දරු පරපුරක් බිහිකිරීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන දහම් පාසල් වල 2025 ශ්රේණි විභාගය, වනාතවිල්ලුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකරී අතිපූජ්ය හොරගොල්ලේ ධම්මික නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීමෙන් පසුගිය 2025.01.26 වන දින සාර්ථකව අවසන් කෙරිණි.මෙහිදී වනාතවිල්ලුව මධ්යස්ථාන 08 කදී සිසුන් 450 කට ආසන්න පිරිසක් විභාගය සඳහා පෙනී සිටි අතර වනාතවිල්ලුව බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී (වැ.බ.) ගයාන් රත්නමලල මහතා විසින් මෙම කටයුතු සබ්බන්ධීකරණය කෙරිණි.
மேலும் படிக்க: වනාතවිල්ලුව දහම් පාසල් ශ්රේණි විභාගය සාර්ථකව අවසන්!
- விவரங்கள்
2025 අධ්යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්යාස පොත් සහ උපකරණ ලබා දීම
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් අර්.ප්රභාකරන් මහතාගේ මගපෙන්වීම ඇතුව සංවර්ධන නිලධාරී අසංක දේශප්රිය මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන්, වනාතවිල්ලුව සේරක්කුලිය කණිටු විදුහලේ සියලු දරු දැරියන්ට 2025 අධ්යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්යාස පොත් සහ උපකරණ ලබා දීම පසුගිය දිනක විද්යාල ප්රධාන ශාලාවේ දී සිදුකෙරිණි.වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් අර්.ප්රභාකරන් මහතාගේ මගපෙන්වීම ඇතුව සංවර්ධන නිලධාරී අසංක දේශප්රිය මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන්, වනාතවිල්ලුව සේරක්කුලිය කණිටු විදුහලේ සියලු දරු දැරියන්ට 2025 අධ්යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්යාස පොත් සහ උපකරණ ලබා දීම පසුගිය දිනක විද්යාල ප්රධාන ශාලාවේ දී සිදුකෙරිණි.මෙම වැඩසටහන සඳහා අදාල අභ්යාස පොත් ඇතුළු උපකරණ පරිත්යාග කිරීම ව්යාපාරික රාජු මහතා විසින් සිදුකර තිබුණි. මෙම අවස්ථාව සඳහා විද්යාලයේ විදුහල්පති ඩබ්ලිව්. රුවන් ප්රනාන්දු මහතා,ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
மேலும் படிக்க: 2025 අධ්යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්යාස පොත් සහ උපකරණ ලබා දීම
- விவரங்கள்
"සරණක් අවැසි අපේම ජනතාවට සවියක් වෙමු"
සරණක් අවැසි අපේම ජනතාවට සවියක් වෙමු"වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සංකල්පයකට අනුව සහ එතුමාගේ පූර්ණ අධීක්ෂණය ඇතුව 2025.01.04 දින මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන රෝගීන් වෙත තැඹිලි වතුර, කෙසෙල්, දොඩම්, කොමඩු, පේර, කජු, දෙළුම්, ඇතුළු පළතුරු වර්ග සහපාසල් දරුවන්ට අවශ්ය පොත් වර්ග ඇතුළු උපකරණ රැසක් බෙදාදීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා වනාතවිල්ලුව සහකාර ප්රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරිතුමිය, පරිපාලන ග්රාම නිලධාරීතුමිය, සමෘද්ධි මූලස්ථාන කළමනාකරුතුමා ඇතුළු කාර්යාලයේ නිලධාරී පිරිසක් සමග ප්රදේශවාසින් පිරිසක්ද සහභාගි විය.මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට පසුගිය දින පුරාවටම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ලබාදුන් සහයෝගය ඉතාම ප්රශංසනීය අතර ඒ සඳහා සහයෝගය දැක්වීම වෙනුවෙන් Wild වාඩිය, Cloud Nine, World Vision ආයතනවලට සහ වනාතවිල්ලුව මහජනතාවට විශේෂ ස්තූතියක් හිමිවේ.
- விவரங்கள்
ඔවුන්ගේ සතුට වෙනුවෙන්!❤️
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ මඟ පෙන්වීම ඇතිව නියෝජ්ය සැලසුම් අධ්යක්ෂ ඒ.එස්.එම්.අස්මිල් මහතාගේ ප්රධානත්වයෙන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් වනාතවිල්ලුව නිර්මලමාතා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ගේ මානසික සුවය වෙනුවෙන් වැඩසටහනක් 2025.01.17 වන දින පෙරවරුවේදී පැවත්වුණි.මෙහිදී ශ්රමදානයක්, දානමය පුණ්ය කර්මයක් සහ වැඩිහිටියන්ගේ මානසික සුවය වෙනුවෙන් රසාස්වාදන වැඩසටහනක් පැවැත්වුණි.
மேலும் படிக்க: Visit Of Wanathawilluwa Nirmalamatha Elderly Home
- விவரங்கள்

















