- விவரங்கள்
පිරිත් දේශනා - 11.03.2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජනතාවට සහ සියලු ලෝකවාසීන්ට සෙත් පැතීමට සහ වර්තමානයේ පවතින රෝග පීඩා දුරු වීමට ආශිර්වාද පතා ඊයේ දින (11) වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ ප්රධානත්වයෙන් කාර්යාලය තුළ දී පිරිත් දේශනාවක් පැවැත්විණි. අනතුරුව, අද (12) ගරුතර මහා සංඝරත්නය වෙත උදෑසන දානය පිළිගැන්වීම සිදු කෙරිණි.
- விவரங்கள்
වයඹ නිපුණතා උදානය - 2022
ඉහත වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 අපොස සාපෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් පාසල් අධ්යාපනයෙන් පසු, කාර්මික වෘත්තීය පුහුණුවෙන් රැකියාවකට යන මඟ කියාදෙන වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ මඟ පෙන්වීම ඇතිව පසුගියදා විජයපුර විදුහලේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන් මාලාව වනාතවිල්ලුව නිපුණතා සංවර්ධන නිලධාරී එම්.කේ.එම්. රියාස් මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.
- விவரங்கள்
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල මිත්ර ක්රිකට් තරඟාවලිය - 2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති කාර්යාල නිලධාරීන් අතර සුහද ක්රිකට් තරඟාවලිය පසුගියදා (26) මංගලපුර ක්රීඩාංගණයේ දී සාර්ථකව නිමා කෙරිණි. තරගාවලියේ ශූරතාවය සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතා නියෝජනය කළ "කොළ" කණ්ඩායම විසින් ජයග්රහණය කරන ලද අතර අනුශූරතාවය ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතා නියෝජනය කළ "කහ" කණ්ඩායම විසින් ජයග්රහණය කරන ලදී.
மேலும் படிக்க: වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල මිත්ර ක්රිකට් තරඟාවලිය - 2022
- விவரங்கள்
පෙර පාසල් සිසුන්ගේ ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහනක් - 2022.03.04
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් දරුවන්ගේ ආකල්ප සහ කුසලාතා වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා එළුවන්කුලම සිමෙන්ති සංස්ථා පෙර පාසැලේ දී පැවැත්විණි. මෙම වැඩසටහන වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංවර්ධන නිලධාරී සමන්තිකා හේරත් මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.
மேலும் படிக்க: පෙර පාසල් සිසුන්ගේ ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහනක්
- விவரங்கள்
Covid - 19 එන්නත්කරණ වැඩසටහන - වනාතවිල්ලුව
- කොවිඩ් දෙවන එන්නත් මාත්රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්රාව (Booster එන්නත) ලබාදීම
- වයස අවුරුදු 16 - 19 අතර පසුවන අය සඳහා දෙවන මාත්රාව ලබාදීම
- වයස අවුරුදු 12 - 16 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්රාව ලබාදීම.
- 2️⃣0️⃣2️⃣2️⃣. 0️⃣2️⃣.1️⃣5️⃣ අඟහරුවාදා
- කරතිව් විදුහලේ දී පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
- අවුරුදු 20 ට වැඩි අය ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ එන්නත් ලබා ගැනීමේ කාඩ්පත රැගෙන ආයුතුය
- අවුරුදු 12 - 19 අතර අය ජාතික හැඳුනුම්පතේ හෝ තැපැල් හැඳුනුම්පතේ පිටපතක් හෝ එසේනොමැතිනම් දෙමාපිය හැඳුනුම්පතක පිටපතක් සහ අදාල ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන ආයුතුය.
- වයස අවුරුදු 18 ට අඩු අය දෙමාපිය කැමැත්ත ප්රකාශ කර ඇති ලිපියක් රැගෙන ආයුතුය.
- පෑනක් රැගෙන ඒමට කාරුණික වන්න
ප්රාදේශීය ලේකම් වනාතවිල්ලුව
===================================
Covid – 19 தடுப்பூசியேற்றும் வேலைத்திட்டம் - வண்ணாத்திவில்லு
- கொவிட் இரண்டாவது தடுப்பூசியைப் பெற்று 03 மாதங்களை கடந்த 20 வயதிற்கு மேற்பட்டவர்களுக்கான மூன்றாவது (Booster)
- 16-19 வயதிற்குற்பட்டவர்களுக்கான இரண்டாவது கொரோனா தடுப்பூசி
- 12 – 19 வயதிற்கு இடைப்பட்ட நபர்களுக்கு கொவிட் தொற்று தடுப்பூசியின் முதலாவது தடுப்பூசியை வழங்குதல்.
- 2️⃣0️⃣2️⃣2️⃣.0️⃣2️⃣.1️⃣5️⃣ புதன் 2022.02.15 செவ்வாய்க்கிழமை
- கரைத்தீவு முஸ்லிம் மகா வித்யாலயத்தில் இடம் பெறும் காலை 9.00 மணி முதல் மதியம் 1.00 மணி வரை
- 20 வயதிற்கு மேற்பட்டவர்கள் தேசிய அடையாள அட்டையின் புகைப்பட பிரதி மற்றும் தடுப்பூசி பெற்றுக் கொள்ளும் அட்டை என்பவற்றை எடுத்து வருதல் வேண்டும்.
- 16 – 19 யதிற்கு இடைப்பட்ட நபர்கள் தேசிய அடையாள அட்டையின் அல்லது தபால் அடையாள அட்டையின் புகைப்பட பிரதியை அவ்வாறு அவை இல்லாவிட்டால் பெற்றோரின் அடையாள அட்டையின் புகைப்பட பிரதியை அல்லது உரிய பிள்ளையின் பிறப்புசான்றிதலின் பிரதியினை எடுத்து வருதல் வேண்டும்.
- 18 வயதிற்கு கீழ்பட்ட நபர்கள் பெற்றோரின் சம்மதக் கடிதத்தை எடுத்து வருதல் வேண்டும்.
- தயவு செய்து பேனை எடுத்து வரவும்.
பிரதேச செயலாளர் வண்ணாத்திவில்லு
#Admin #DS_Wanathawilluwa #Official

மேலும் படிக்க: Covid - 19 එන්නත්කරණ වැඩසටහන - වනාතවිල්ලුව (2022.02.15)

















