- Details
ලෝක ළමා දින සැමරුම 2022 - වනාතවිල්ලුව (2022.09.30)
"සිහින දකින අපේ ලොවක්" යන තේමාව යටතේ 2022 වනාතවිල්ලුව ලෝක ළමා දින සැමරුම එළුවන්කුලම කලා ඔය ආශ්රිත ප්රදේශයේ දී, පසුගියදා වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්තුමන්ගේ ප්රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දරුවන් 200කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර රුක් රෝපණ වැඩසටහනක්, කලා ඔය ඉවුර පිරිසිදු කිරීමේ වැඩසටහනක්, නායකත්ව හා ආපදා කළමනාකරණ පිළිබඳ වැඩමුළුවකින් හා සත්ව චර්යාරටා හා අවට පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකින් සමන්විත විය. මේ සඳහා පූර්ණ අනුග්රහය ලබා දුන් Insee සිමෙන්ති ආයතනයට නායකත්ව හා ආපදා කළමනාකරණ වැඩමුළුව පැවැත්වූ ගඟේවාඩිය නාවික හමුදා කඳවුරට, සත්ව චර්යාරටා හා අවට පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වූ වනජීවී දෙපාර්තමේන්තුවට, දරුවන් සහභාගි කරවූ සියලු විදුහල් වල විදුහල්පති වරුන්ට, ප්රථමාධාර සැපයූ වනාතවිල්ලුව රෝහලට, වනාතවිල්ලුව පොලීසියට වනාතවිල්ලුව ප්රාදේශීය සභාවට සහ සහයෝගය ලබා දුන් සියලු නිලධාරීන්ට විශේෂ ස්තුතියක් හිමිවේ. වැඩසටහන ප්රාදේශීය ලේකම් තුමන්ගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත වනිතා සංවර්ධන නිලධාරි තුමිය විසින් සංවිධානය සහ අවශ්ය සම්බන්ධීකරණය සිදු කරන ලදී.
Read more: ලෝක ළමා දින සැමරුම 2022 - වනාතවිල්ලුව (2022.09.30)
- Details
සබන්, සබන් කුඩු සහ අත් සෝදන දියර (Hand Wash) නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන - 2022.09.21
සබන්, සබන් කුඩු සහ අත් සෝදන දියර (Hand Wash) නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් තුමන්ගේ හා පුත්තලම දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ තුමියගේ ප්රධානත්වයෙන් කාර්යාල ශ්රවණාගාරයේ දී සාර්ථකව නිමා කෙරිණි. මෙම පුහුණු වැඩසටහන සඳහා 65 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර හලාවත ප්රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා නිලධාරි විසින් සම්පත්දායකත්වය ලබා දෙනු ලැබිණි. වැඩසටහන පුත්තලම දිස්ත්රික් කුඩා ව්යාපාර සංවර්ධන අංශයේ මඟපෙන්වීම මත වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්යාපාර සංවර්ධන නිලධාරි විසින් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට සහකාර ප්රාදේශීය ලේකම් තුමන් ඇතුළු නිලධාරී පිරිසක් ද සහභාගි වූහ.

















