77 වන ජාතික නිදහස් දිනය සැමරීම -  වනාතවිල්ලුව 

"ජාතික පුනරුදයට පෙල ගැසෙමු" යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් දිනය සැමරීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම මත,සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ සහ පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (04) කාර්යාල පරිශ්‍රයයේ මෙන්ම ග්‍රාම නිලධාරී වසම් ගණනාවකදී සිදු කෙරිණි.මෙහිදී වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහන්, ශ්‍රමදාන වැඩසටහන්, ඩෙංගු මර්ධන වැඩසටහන්, විල්ලු පිරිසිදු කිරීමේ වැඩසටහන් ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරිණි. එම වැඩසටහන් වසම්භාර ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ වනාතවිල්ලුව සමාජ සේවා නිලධාරී ඇතුළු කණ්ඩායම විසින් ප්‍රදේශ වාසීන් ගේ සහයෝගය ඇතිව සංවිධානය කර තිබුණි.මෙම වැඩසටහන් සඳහා පෙර පාසල් දරුවන්, වැඩිහිටි සමිති සාමාජිකයන්, ප්‍රදේශ වාසීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසුමිණ සිසු දරු දැරියන් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසුමිණ සිසු දරු දැරියන් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව සහකාර ප්‍රාදේශීය ලේකම් අර් ප්‍රභාකරන් මහතාගේ සහ පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය. මෙහිදී සිසු දරු දැරියන් වෙනුවෙන් අභිප්‍රේරණ වැඩසටහනක් ද පැවැත්වූ අතර ඒ සඳහා සම්පත්දායකත්වය සමාජ සේවා නිලධාරි චන්දන තෙන්නකෝන් මහතා විසින් ලාබාදෙනු ලැබිණි. වැඩසටහන, වයඹ පළත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත වනාතවිල්ලුව සමාජ සේවා නිලධාරීන් වන නිලූකා රොද්‍රිගු මහත්මිය සහ ගයාෂාන් වික්‍රමආරච්චි මහතා විසින් සංවිධානය කෙරිණි.

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top