ජගත් පරිසර දින🌴

ජුනි මස 05 වන දිනට යෙදී තිබූ ජගත් පරිසර දිනට සමගාමීව පවත්වනු ලැබූ වනාතවිල්ලුව ජගත් පරිසර දින සැමරුම පසුගිය ජුනි 13 වන දින වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් එළුවන්කුලම කලා ඔය ආශ්‍රිත ප්‍රදේශයේ දී සිදුකෙරුණි.මෙහිදී එළුවන්කුලම මුස්ලිම් විදුහලේ සිසුන් වෙනුවෙන් පරිසරයේ වැදගත් කම පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළ අතර එම සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් කලා ඔය ඉවුර පිරිසිදු කිරීමක් සිදු කරනු ලැබිණි.වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබා දුන් සහයෝගය වෙනුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ලේකම්තුමන්ට හා කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් හිමිවේ. කලා ඔය පාරිසරික සංවේදී සුන්දර පරිසර පද්ධතිය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම ඔබගේත් අපගේත් යුතුකමකි!

"සැමට නිවහන"

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක සැමට නිවහන වැඩසටහන යටතේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාල නිවාස සඳහා මුල්ගල් තැබීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ, පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ සහ පුත්තලම දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු ඩී.ඒ. ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 30 වැනි දින යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.මේ යටතේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් එළුවන්කුලම ග්‍රාම නිලධාරී වසමේ නිවාස 02 ක් සහ වනාතවිල්ලුව උතුර, දකුණ, මංගලපුර, විජයපුර බටහිර සහ මයිලන්කුලම ග්‍රාම නිලධාරී වසම් වල නිවාස 01 බැගින් නිවාස 07 ක් සෑදීමට නියමිතය.  මේ වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියෙන් එක් නිවසක් සඳහා රුපියල් මිලියනයක ආධාර මුදලක් ලබා දෙන අතර ඉතිරි මුදල් ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මඟපෙන්වීම ඇතිව වසම්භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් සපයාගනු ලබයි.මෙම වැඩසටහන වනාතවිල්ලුව නිවාස නිලධාරී සුජීව සම්පත් මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලබයි

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top