ඔවුන්ගේ සතුට වෙනුවෙන්!❤️

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ මඟ පෙන්වීම ඇතිව නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ.එස්.එම්.අස්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් වනාතවිල්ලුව නිර්මලමාතා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ගේ මානසික සුවය වෙනුවෙන් වැඩසටහනක් 2025.01.17 වන දින පෙරවරුවේදී පැවත්වුණි.මෙහිදී ශ්‍රමදානයක්, දානමය පුණ්‍ය කර්මයක් සහ වැඩිහිටියන්ගේ මානසික සුවය වෙනුවෙන් රසාස්වාදන වැඩසටහනක් පැවැත්වුණි. 

"සරණක් අවැසි අපේම ජනතාවට සවියක් වෙමු"

සරණක් අවැසි අපේම ජනතාවට සවියක් වෙමු"වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සංකල්පයකට අනුව සහ එතුමාගේ පූර්ණ අධීක්ෂණය ඇතුව 2025.01.04 දින මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙත තැඹිලි වතුර, කෙසෙල්, දොඩම්, කොමඩු, පේර, කජු, දෙළුම්, ඇතුළු පළතුරු වර්ග සහපාසල් දරුවන්ට අවශ්‍ය පොත් වර්ග ඇතුළු උපකරණ රැසක් බෙදාදීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා වනාතවිල්ලුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරිතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමිය, සමෘද්ධි මූලස්ථාන කළමනාකරුතුමා ඇතුළු කාර්යාලයේ නිලධාරී පිරිසක් සමග ප්‍රදේශවාසින් පිරිසක්ද සහභාගි විය.මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට පසුගිය දින පුරාවටම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් ලබාදුන් සහයෝගය ඉතාම ප්‍රශංසනීය අතර ඒ සඳහා සහයෝගය දැක්වීම වෙනුවෙන් Wild වාඩිය, Cloud Nine, World Vision ආයතනවලට සහ වනාතවිල්ලුව මහජනතාවට විශේෂ ස්තූතියක් හිමිවේ.

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top