වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය සාර්ථකව අවසන්!

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය සාර්ථකව අවසන්!සදාචාර සමාජයක්,නැණ ගුණ සපිරි දරු පරපුරක් බිහිකිරීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන දහම් පාසල් වල 2025 ශ්‍රේණි විභාගය, වනාතවිල්ලුව ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකරී අතිපූජ්‍ය හොරගොල්ලේ ධම්මික නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීමෙන් පසුගිය 2025.01.26 වන දින සාර්ථකව අවසන් කෙරිණි.මෙහිදී වනාතවිල්ලුව මධ්‍යස්ථාන 08 කදී සිසුන් 450 කට ආසන්න පිරිසක් විභාගය සඳහා පෙනී සිටි අතර වනාතවිල්ලුව බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී (වැ.බ.) ගයාන් රත්නමලල මහතා විසින් මෙම කටයුතු සබ්බන්ධීකරණය කෙරිණි.

2025 අධ්‍යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්‍යාස පොත් සහ උපකරණ ලබා දීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අර්.ප්‍රභාකරන් මහතාගේ මගපෙන්වීම ඇතුව සංවර්ධන නිලධාරී අසංක දේශප්‍රිය මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන්, වනාතවිල්ලුව සේරක්කුලිය කණිටු විදුහලේ සියලු දරු දැරියන්ට 2025 අධ්‍යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්‍යාස පොත් සහ උපකරණ ලබා දීම පසුගිය දිනක විද්‍යාල ප්‍රධාන ශාලාවේ දී සිදුකෙරිණි.වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අර්.ප්‍රභාකරන් මහතාගේ මගපෙන්වීම ඇතුව සංවර්ධන නිලධාරී අසංක දේශප්‍රිය මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන්, වනාතවිල්ලුව සේරක්කුලිය කණිටු විදුහලේ සියලු දරු දැරියන්ට 2025 අධ්‍යන වර්ෂය සඳහා සියලු විෂයන්ට අදාල අභ්‍යාස පොත් සහ උපකරණ ලබා දීම පසුගිය දිනක විද්‍යාල ප්‍රධාන ශාලාවේ දී සිදුකෙරිණි.මෙම වැඩසටහන සඳහා අදාල අභ්‍යාස පොත් ඇතුළු උපකරණ පරිත්‍යාග කිරීම ව්‍යාපාරික රාජු මහතා විසින් සිදුකර තිබුණි. මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. රුවන් ප්‍රනාන්දු මහතා,ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top