වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපති පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ.එම් ෆයිසාල් මැතිතුමා,වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතා, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතා, ඇතුළු රාජ්‍ය නිළධාරීන් ගේ සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (2025.06.27) පෙරවරුවේ පැවැත්විණි..එහිදී පෙර සංවර්ධන කමිටු රැස්වීමේ ගත් තීරණ වල ප්‍රගතිය සමාලෝචනය, කොට්ඨාසයේ ජීවත්වන ජනතාව මුණුණ දෙන ආර්ථික, සමාජීය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි කාර්මික, ප්‍රවාහන ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක ගැටළු විසදීමට අදාල තීරන ගැනීම සිදු කෙරිණි.

සෞඛ්‍ය කඳවුර සහ වෛද්‍ය ප්‍රදර්ශනය - 2025 වනාතවිල්ලුව 🩺🚒🏥

සෞඛ්‍යමත් ලාංකීය ජන සමාජයක් සහ නැණ නුවණින් සපිරි අනාගත පරපුරක් බිහිකිරීම අරමුණ කර ගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයීය රාගම වෛද්‍ය පීඨය විසින් වනාතවිල්ලුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ සෞඛ්‍ය කඳවුර සහ වෛද්‍ය ප්‍රදර්ශනය පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 22 වන දින වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයේ දී දිනය පුරා සාර්ථකව පැවැත් විණි.මෙම සෞඛ්‍ය කඳවුර සඳහා 3000 කට අධික පිරිසක් සහභාගි වූ අතර වෛද්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රදේශයේ  සියලුම පාසල් සිසු සිසුවියන් හා මහජනතාව විශාල ප්‍රමාණයක් සහභාගි වූහ

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top