"සැමට නිවහන"

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක සැමට නිවහන වැඩසටහන යටතේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාල නිවාස සඳහා මුල්ගල් තැබීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ, පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ සහ පුත්තලම දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු ඩී.ඒ. ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 30 වැනි දින යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.මේ යටතේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් එළුවන්කුලම ග්‍රාම නිලධාරී වසමේ නිවාස 02 ක් සහ වනාතවිල්ලුව උතුර, දකුණ, මංගලපුර, විජයපුර බටහිර සහ මයිලන්කුලම ග්‍රාම නිලධාරී වසම් වල නිවාස 01 බැගින් නිවාස 07 ක් සෑදීමට නියමිතය.  මේ වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියෙන් එක් නිවසක් සඳහා රුපියල් මිලියනයක ආධාර මුදලක් ලබා දෙන අතර ඉතිරි මුදල් ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මඟපෙන්වීම ඇතිව වසම්භාර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් සපයාගනු ලබයි.මෙම වැඩසටහන වනාතවිල්ලුව නිවාස නිලධාරී සුජීව සම්පත් මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලබයි

වනාතවිල්ලුවට සමථමණ්ඩල ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්!

සමථකරණය යන වචනාර්ථය ගත් කල ‘සමථ‘ යනු එකඟතාවයකට පත් වීම යන අදහසයි. ආරවුල් නිරාකරණය යන්න අතීතයේ පටන් සිදු වෙමින් පවතින දෙයක් බවට ඉතිහාසය සාක්ෂි සපයයි. සමථකරණයේ මුලික අරමුණ වන්නේ කතා බහ කිරීමක් මගින් ඔබේ ගැටලුවට සුහදව විසඳුමක් ඔබෙන්ම ලබා ගැනීමයි.මේ සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (2025.06.18) කාර්යාල ශ්‍රවණාගාරයේදී වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟ පෙන්වීම ඇතිව පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා සම්පත්දායකත්ව නාත්තන්ඩිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමථ වැඩසටහන් නිලධාරි මාලා ප්‍රියන්ත මහත්මිය විසින් ලබාදුන් අතර වැඩසටහන වනාතවිල්ලුව සමථ සංවර්ධන නිලධාරී ගයාන් රත්නමලල මහතා විසින් සංවිධානය කෙරිණි.

හොඳම දේ දරුවන්ට

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ සුබ සාධන වැඩසටහන් මාලාවේ මාර්තු වැඩසටහන සංවර්ධන  අංශයේ සංවිධානයෙන් සහ ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ,  සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ, සහ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2025.03.08) මදුරන්කුලිය ආලෝක බාලිකා නිවාසයේ දී පැවැත් විණි. මෙහිදී, දරුවන්ගේ මානසික සහ කායික සුවතාව ඉහළ නැංවීමේ අරමුණින් දිනය පුරා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වූ අතර විනෝද ක්‍රීඩා, පෞර්ෂ සංවර්ධන වැඩසටහන් මෙන්ම ඔවුන් වෙනුවෙන් උදේ සහ දිවා ආහාර සැපයීමද තෑගි බෙදාදීම් ද සිදුවිය. සියලු දරුවන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසුමිණ සිසු දරු දැරියන් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසුමිණ සිසු දරු දැරියන් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව සහකාර ප්‍රාදේශීය ලේකම් අර් ප්‍රභාකරන් මහතාගේ සහ පරිපාලන ග්‍රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය. මෙහිදී සිසු දරු දැරියන් වෙනුවෙන් අභිප්‍රේරණ වැඩසටහනක් ද පැවැත්වූ අතර ඒ සඳහා සම්පත්දායකත්වය සමාජ සේවා නිලධාරි චන්දන තෙන්නකෝන් මහතා විසින් ලාබාදෙනු ලැබිණි. වැඩසටහන, වයඹ පළත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත වනාතවිල්ලුව සමාජ සේවා නිලධාරීන් වන නිලූකා රොද්‍රිගු මහත්මිය සහ ගයාෂාන් වික්‍රමආරච්චි මහතා විසින් සංවිධානය කෙරිණි.

අනු-ප්‍රවර්ගයන්

News & Events

25
සැප්2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
සැප්2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top