"සරණක් අවැසි අපේම ජනතාවට සවියක් වෙමු"
සරණක් අවැසි අපේම ජනතාවට සවියක් වෙමු"වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සංකල්පයකට අනුව සහ එතුමාගේ පූර්ණ අධීක්ෂණය ඇතුව 2025.01.04 දින මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන රෝගීන් වෙත තැඹිලි වතුර, කෙසෙල්, දොඩම්, කොමඩු, පේර, කජු, දෙළුම්, ඇතුළු පළතුරු වර්ග සහපාසල් දරුවන්ට අවශ්ය පොත් වර්ග ඇතුළු උපකරණ රැසක් බෙදාදීම සිදු කෙරිණි.මෙම අවස්ථාව සඳහා වනාතවිල්ලුව සහකාර ප්රාදේශීය ලේකම්තුමා, ගණකාධිකාරිතුමිය, පරිපාලන ග්රාම නිලධාරීතුමිය, සමෘද්ධි මූලස්ථාන කළමනාකරුතුමා ඇතුළු කාර්යාලයේ නිලධාරී පිරිසක් සමග ප්රදේශවාසින් පිරිසක්ද සහභාගි විය.මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට පසුගිය දින පුරාවටම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ලබාදුන් සහයෝගය ඉතාම ප්රශංසනීය අතර ඒ සඳහා සහයෝගය දැක්වීම වෙනුවෙන් Wild වාඩිය, Cloud Nine, World Vision ආයතනවලට සහ වනාතවිල්ලුව මහජනතාවට විශේෂ ස්තූතියක් හිමිවේ.
"Let us be a source of strength to our own people who need shelter"
According to a concept by Wanathavilluwa Divisional Secretary Mr.Milanga Prabath Nandasena and under his full supervision, a variety of fruits including King Coconut juice, bananas, oranges, watermelons, guavas, cashews, pomegranates, anda variety of equipment including books needed by school children were distributed to patients receiving inpatient treatment at the Maharagama Apeksha Hospital on 2025.01.04.The Wanathawilluwa Assistant Divisional Secretary, the Accountant, the Administrative Grama Niladhari, the Samurdhi Headquarters Manager, along with a group of office officials and a group of residents of the area also participated in this event.The support provided by the officials of the Wanathawilluwa Divisional Secretariat throughout the past few days to make this program a success is highly commendable, and special thanks go to Wild Wadi, Cloud Nine, World Vision and People of Wanathavilluwa for their support
|
|
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
#Admin #DS_Wanathawilluwa #Official























