දැක්ම
“වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම සම්පත් උපයෝජනය තුළින් මහජන හිතකාමී රාජ්ය සේවාවක් සැපයීම”
මෙහෙවර
රාජ්ය ප්රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සැළසුම් සහගත සංවර්ධන ක්රියාවලියක් තුළින් ජන දිවිය නංවාලීම.
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය හැඳින්වීම.
ඓතිහාසික තොරතුරු
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය ශ්රී ලංකා ඉතිහාසය තුළ නව පිටුවක් පෙරලමින් විජය රජු ඇතුළු 700 ක් පිරිස ඉන්දියාවේ ලාටා රටින් මෙහි පැමැණි අතර එකී සිදුවීම විජයාවතරණය නමින් හඳුන්වයි. කුදිරමලේ ප්රදේශයේ පවතින පෞරාණික නෂ්ඨාවශේෂ මෙයට කදිම නිදසුනකි. කුවේණිය සහ පිරිස පිටත් වූ මාලිගාවේ නටඹුන් ද, ඔවුන් එහි ජීවත් වූ බවට සාක්ෂි ද, කුදිරමලේ ප්රදේශයේ පවතියි. 21 වන සියවස වන විටත් මෙම ප්රදේශය ජන සංඛ්යා වර්ධනය වී ඇත්තේ සුළු වශයෙනි. එයට ප්රධානම හේතුව වී ඇත්තේ මෙම ප්රදේශය ශ්රී ලංකාවේ ශුෂ්ක දේශගුණික කලාපයක්, අඩු වර්ෂාපතනයක් ලැබීම, ආර්ථිකමය, සමාජ සුභසාධන හා පොදු පහසුකම් ආදියෙන් තොර වීමයි.
භූගෝලීය පිහිටීම
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශය පුත්තලම දිස්ත්රික්කයට.අයත්වන අතර, උතුරින් මන්නාරම දිස්ත්රික්කයෙන් ද, නැගෙනහිරින් අනුරාධපුර දිස්ත්රික්කයෙන් හා කුරුණෑගල දිස්ත්රික්කයෙන් ද, බටහිරින් ඉන්දියන් සාගරයෙන් ද, මායින්ම පිහිටා ඇත. මෙහි පොල් මා කජු ප්රධාන ආර්ථික භෝග ලෙස වගා කරන අතර, ඊට අමතරව කලපු ධීවර කර්මාන්තය සාර්ථක ලෙස සිදු කරනු ලබයි.
පරිපාලන විස්තර
පුත්තලම දිස්ත්රික්කයට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතුරින් විශාලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශය වන මෙය භූමි ප්රමාණය වර්ග කිලෝමීටර 710.4 ක් හා ගම්මාන 45 ඇතුළත් ග්රාම නිලධාරි වසම් 17 කින් සමන්විත වේ.
භූමි ප්රමාණය
මෙම කොට්ඨාහයේ මුළු වර්ග ප්රමාණය වර්ග කිලෝමීටර 710.4 කි. මුළු ඉඩම් ප්රමානය හෙක්ටයාර 30236 කි. රජයේ ඉඩම් ප්රමාණය හෙක්ටයාර 9176 කි. ජලයෙන් යටවූ (වැසි, ජලාශ, වාරිමාර්ග, ගංඟා) ප්රමාණය හෙක්ටයාර 627 කි.
ජල සම්පත
මෙම කොට්ඨාශය තුළ නැගෙනහිර සිට බටහිර දෙසින් කලපුව වෙත ගලායන කලා ඔය, ලුනු ඔය, මී ඔය, මෝදරගංආරු, රාල්මඩුව ඇල, මුංගිල්ආරු ඇල වැලි ඇල, කුරුසව්ආරු, උන්මඩුආරු හා තවත් කුඩා වැව් විශාල සංඛ්යාවක් පිහිටා ඇතත් ජූලි, අගෝස්තු, සැත්තැම්බර් යන කාලවල දී විශාල ජල උග්රතාවයකට මුහුන පායි.
ප්රාදේශීය ලේකම්ගේ කාර්යභාරය ඉටුකිරීම
|
|
සිට | දක්වා |
|
එල්. සී. එල්. එස්. මහානාම මහතා |
1991 |
1992 |
|
එම්. ජයතිලක මහතා |
1993 |
1994 |
|
ජී. ඩී. නිමලසේන මහතා |
1994 |
1995 |
|
එම්. එච්. මොයුනිඩීන් මහතා |
1995 |
2001 |
|
එච්. එම්. සෝමතිලක මහතා |
2001 |
2002 |
|
ඒ. එම්. ආර්.ජේ.කේ. ජයසිංහ මහතා |
2002 |
2011 |
|
ඩබ්. ඒ. ආර්. වික්රමසිංහ මහතා |
2012 |
2015 |
|
එච්. එම්. එස්. හේරත් මහත්මිය |
2015 |
2018 |
|
එල්. ඩී. සී. ජයසිංහ මහතා |
2018 |
2021 |
|
එස්.එම්.පී.නන්දසේන මහතා |
2021 | 2025 |
|
ආර්.ප්රභාකරන් මහතා |
2025 | මේ සිට දක්වා |

















