- විස්තර
වනාතවිල්ලුව - ආණමඩුව වැඩිහිටි හුවමරු වැඩසටහන 23.03.2022
දිස්ත්රික්කයේ වැඩිහිටියන් අතර සුහදතාවය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදී විවිධ සංස්කෘතික වැඩසටහන් වලට යොමු කිරීමේ අරමුණින් යුතුව, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සහ වනාතවිල්ලුව වැඩිහිටි බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ආණමඩුව වැඩිහිටි බලමණ්ඩලය සමඟ හුවමරු වැඩසටහන වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ ප්රධානත්වයෙන් අද දින (23) වනාතවිල්ලුව ප්රාදේශීය සභා රංග ශලාවේ දී පැවැත්විණි. අනතුරුව, ආණමඩුව වැඩිහිටි පිරිස "Insee" සිමෙන්ති සමාගමේ එළුවන්කුලම අරුවක්කරු වැඩබිම නැරඹීමේ චාරිකාවකට ද එක්විය. මෙම අවස්ථාව සඳහා ආණමඩුව සහකාර සැලසුම අධ්යක්ෂ දිලීප සුදර්ශන අතපත්තු මහතා, ආණමඩුව සමාජ සේවා නිලධාරි ජානක සම්පත් අධිකාරී මහතා ඇතුළු ආණමඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද වනාතවිල්ලුව සමාජ සේවා නිලධාරි (වැ.බ) අසේල ජයවර්ධන මහතා, රොෂාන් දිසානායක මහතා, නස්ෆාන් ගෆෝර් මහතා ඇතුළු වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී පිරිසක් ද සහභාගී වූහ. වැඩසටහන සඳහා ප්රාදේශීය සභා රංග ශලාව ලබා දීම වෙනුවෙන් සභාපති සමන්ත මුණසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් හිමිවේ
තවත් කියවන්න: වනාතවිල්ලුව - ආණමඩුව වැඩිහිටි හුවමරු වැඩසටහන 23.03.2022
- විස්තර
ක්රියාකාරී සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය පරීක්ෂා කිරීම - 20.03.2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරතිව් උතුර සහ දකුණ, සේරක්කුලිය, මංගලපුර, රාල්මඩුව සහ අළුත් එළුවන්කුලම ග්රාම නිලධාරි වසම් වල ක්රියාත්මක සංවර්ධන ව්යාපෘති වල ප්රගතිය අද දින (20) වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් වනාතවිල්ලුව මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය. එමෙන්ම රාල්මඩුව ග්රාම නිලධාරි වසමේ ජීවත්වන අනාරක්ෂිත දරුවන් සිටිනා පවුලකට රැකවරණය ලබා දීමට අවශ්ය කටයුතු පිළිබඳ සොයාබැලීමක් ද සිදුවිය.
තවත් කියවන්න: ක්රියාකාරී සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය පරීක්ෂා කිරීම - 20.03.2022
- විස්තර
ලේ දන්දීමේ වැඩසටහන - 16.03.2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව, චතාරික පරිත්යාග සමය වෙනුවෙන් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන අද දින (16) සාර්ථකව නිමා කෙරිණි. මෙහිදී, සියයකට ආසන්න පිරිසක් විසින් ලේ දන්දී තිබුණි.
- විස්තර
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ නිලවරණය - 2022
2022 වනාතවිල්ලුව යෞවන සමාජ ප්රාදේශීය බලමණ්ඩල නිලවරණය අද දින (17) පුත්තලම දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී චින්තක මායාදුන්න මැතිතුමන්ගේ, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ , තරුණ කටයුතු ගරු අමාත්යතුමාගේ පුත්තලම දිස්ත්රික් තරුණ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සුදීර රාජපක්ෂ මහතාගේ සහ පුත්තලම දිස්ත්රික් තරුණ සේවා සහකාර අධ්යක්ෂ රෝහිණී හේමමාලා මෙනවිය ගේ ප්රධානත්වයෙන් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණි. 2022 වර්ෂය සඳහා තේරීපත්වූ නව නිලධාරී මණ්ඩලයට අපගේ උණුසුම් සුබ පැතුම්! යෞවන සමාජ ප්රාදේශීය බලමණ්ඩලය වනාතවිල්ලුව.
තවත් කියවන්න: වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ නිලවරණය - 2022
- විස්තර
අන්නදානය වැඩසටහන - 12.03.2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම වැඩිහිටියන්ට නිරෝගී සුවපතා, කිරි අම්මාවරුන් පනස් දෙනෙකු වෙනුවෙන් කිරි දානය පිළිගැන්වීම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (12) හිමිදිරි උදෑසන බණ්ඩාරනායකපුර විහාරස්ථානයේ දී සිදු කෙරිණි. මෙම මාහැඟි පුණ්යකර්මය වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සහ බණ්ඩාරනායකපුර "පුබුදු" වැඩිහිටි සමිතිය එක්ව සංවිධානය කර තිබුණි.

















