පිරිත් දේශනා - 11.03.2022

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහජනතාවට සහ සියලු ලෝකවාසීන්ට සෙත් පැතීමට සහ වර්තමානයේ පවතින රෝග පීඩා දුරු වීමට ආශිර්වාද පතා ඊයේ දින (11) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය තුළ දී පිරිත් දේශනාවක් පැවැත්විණි. අනතුරුව, අද (12) ගරුතර මහා සංඝරත්නය වෙත උදෑසන දානය පිළිගැන්වීම සිදු කෙරිණි.

වයඹ නිපුණතා උදානය - 2022

ඉහත වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 අපොස සාපෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනයෙන් පසු, කාර්මික වෘත්තීය පුහුණුවෙන් රැකියාවකට යන මඟ කියාදෙන වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ මඟ පෙන්වීම ඇතිව පසුගියදා විජයපුර විදුහලේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන් මාලාව වනාතවිල්ලුව නිපුණතා සංවර්ධන නිලධාරී එම්.කේ.එම්. රියාස් මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මිත්‍ර ක්‍රිකට් තරඟාවලිය - 2022

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාර්යාල නිලධාරීන් අතර සුහද ක්‍රිකට් තරඟාවලිය පසුගියදා (26) මංගලපුර ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමා කෙරිණි. තරගාවලියේ ශූරතාවය සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතා නියෝජනය කළ "කොළ" කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලද අතර අනුශූරතාවය ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා නියෝජනය කළ "කහ" කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදී.

පෙර පාසල් සිසුන්ගේ ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහනක් - 2022.03.04

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් දරුවන්ගේ ආකල්ප සහ කුසලාතා වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා එළුවන්කුලම සිමෙන්ති සංස්ථා පෙර පාසැලේ දී පැවැත්විණි. මෙම වැඩසටහන වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංවර්ධන නිලධාරී සමන්තිකා හේරත් මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.

Covid - 19 එන්නත්කරණ වැඩසටහන - වනාතවිල්ලුව

  • කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්‍රාව (Booster එන්නත) ලබාදීම
  • වයස අවුරුදු 16 - 19 අතර පසුවන අය සඳහා දෙවන මාත්‍රාව ලබාදීම
  • වයස අවුරුදු 12 - 16 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම.

අනු-ප්‍රවර්ගයන්

News & Events

25
සැප්2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
සැප්2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top