පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මය - වනාතවිල්ලුව 2022.01.29

1

 

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ මඟපෙන්වීම යටතේ, ජනී ජනයාගේ සිත් සතන් පහන්වීම පිණිස භික්ෂූන් වහන්සේලා

විසිපස් නමකගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු වනාතවිල්ලුව පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මය පසුගිය දින (29) සාර්ථකව නිමාවට පත්කෙරිණි.

මෙම මාහැඟි පුණ්‍යකර්මය සඳහා බැතිබර දායකත්වය ලබාදුන් වනාතවිල්ලුව බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ඇඹිලිපිටියේ වීරානන්ද ස්වාමීන් වහන්සේට, සමාජ සේවා නිලධාරි රොෂාන් දිසානායක මහතා ඇතුළු සමාජ සේවා අංශයේ නිලධාරීන්ට, වැඩිහිටි බලමණ්ඩලයට, වනාතවිල්ලුව දකුණ වැඩිහිටි සමිතියට, වනාතවිල්ලුව උතුර සහ දකුණ ග්‍රාම ග්‍රාම නිලධාරි ඊ.පී.එස්. කුමාර මහතාට, බහුකාර්ය සංවර්ධන නිලධාරී ගයාන් රත්නමලල මහතා ඇතුළු බහුකාර්ය ශ්‍රම බලකා පිරිසට, සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභාවට, පොලීසියට, සිවිල් ආරක්ෂක බලකායට,ගොවිජන සේවා මධ්‍යස්ථානයට, ආයුර්වේද රෝහලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ලබාදුන් සියලුම නිලධාරින්ට සහ වනාතවිල්ලුව ප්‍රදේශ වාසීන්ට විශේෂ ස්තුතියක් හිමිවේ.

ඡායාරූප

ළහිරු ගිංතොටගේ
Photo Tech studio - Wanathawilluwa
0702130399/ 0741495850

--------------------------------------------------------------------------

Under the guidance of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena & Assistant Divisional Secretary Mr. Karan Rp, the Wanathawilluwa Pindapatha Alms Giving Ceremony was successfully completed yesterday (29) with the participation of twenty five monks to enlighten the minds of the people.

Special thanks to the ven. Embilipitiye Weerananda thero, including Social Services Officer Mr. Roshan Dissanayake, & the Elders Fedaration, Wanathawilluwa South elders society, Wanathawilluwa South & North Grama Niladari Mr. Susantha Kumara, Multi-Purpose Development Officer Mr. Gayan Rathnamalala & the Multi-Purpose task Force,chairman & Local Government Authority, Police station, Civil defence Force, Agrarian Services Center, Ayurwedic Hospital, to all the officers who assisted the Divisional Secretariat & the residents of Wanathawilluwa area

Ginthotage Lahiru
Photo Tech studio - Wanathawilluwa
0702130399/ 0741495850

1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1
1 1 1

News & Events

25
සැප්2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
සැප්2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top